
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ දී මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක මී මැස්සන් රැගෙන ගිය ට්‍රක් රථයක් ඉකුත් සිකුරාදා දින පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
එහි සිටි මී මැස්සන් විශාල වශයෙන් පලා ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙක් බලධාරීන් විසින් මහජනතාවට අනතුරු අඟවන ලද බවද වාර්තා විය.
එම රථය තුළ කිලෝග්‍රෑම් 31,750ක පමණ සජීවී මී මැස්සන් පිරි මී මැසි වද ප්‍රවාහනය කර තිබුණි.
කැනේඩියානු ප්‍රදේශයේදී රථය පාලනයෙන් තොර වී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් පසුව ආපදා මෙහෙයුම් අවසන් වන තුරු අදාල ප්‍රදේශය වසා තැබීමටද බලධාරීන්ට සිදුවිය.
මෙම අනතුරෙන් පසුව මීමැස්සන් මිලියන 250ක් පමණ බාහිර පරිසරයට නිදහස්ව ගොස් ඇති බවට ප්‍රදේශයේ ෂෙරිෆ් කණ්ඩායම අනතුරු අඟවන ලද අතර, පසුව මී මැසි පාලකයන් ප්‍රකාශ කළේ සැබෑවටම පැන ගිය මීමැස්සන් ගණන මිලියන 14 කට ආසන්න බවයි.
අනතුරින් පැය 24 සිට පැය 48 දක්වා කාලය තුළ මී මැස්සන් නැවත ඔවුන්ගේ රැජිණ සමග වද වලට පැමිණෙනු ඇති බවට බලධාරීන් බලාපොරොත්තු සහගතව සිටි අතර, මී මැසි පාලකයන්ගේ උත්සාහය නිසාවෙන් මී මැස්සන් දුසිම් දෙකකට අධික පිරිසක් ගලවා ගැනීමට හැකි වු බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.