
වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 70%ක් ඍජු හෝ වක්‍ර ආකාරයෙන් පරිසරයට බැහැර වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශයේ 2020 වාර්තාවලට අනුව දැක්වේ.
ඒ අනුව 30%කට ආසන්න ප්‍රමාණයක් පමණක් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුව ඇත.
2020 වසරෙහි ජනනය වී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 938.42ක් වන අතර, මින් නැවත එකතු කර ඇත්තේ මෙට්‍රික් ටොන් 300කි.
එකතු නොවන ප්ලාස්ටික් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 638ක් වන අතර, මෙයින් දිනකට මෙට්‍රික් ටොන් 8.45ක් පමණ ස්වාභාවික ජල ප්‍රභව තුළට බැහැර කරන බව සොයාගෙන ඇත.