
සක්‍රීය නිරිත දිග කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යාහැකි බවත්,ඒ අනුව, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදට ඔබ්බෙන් වන මුහුදේ සුළගේ වේගය මෙලෙස ඉහළ යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
මෙම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
එමෙන්ම, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 03 ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ මන්නාරම සිට පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි.