රටම බලා සිටින අනුදිගේ ඉරණම අද!

5

ලෝක රූ රැජිණ තරගය හෙවත් “72 වන මිස් වර්ල්ඩ්” තරඟයේ අවසන් මහා තරගය අද (31) පස්වරු 06.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.

මෙවර ලෝක රූ රැජිණ තරගයේදී කිරුළ දිනා ගැනීම වෙනුවෙන් ලොව පුරා රූ රැජිනියන් 108 දෙනෙක් තරග වදින අතර මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදී ගුණසේකර ද අවසන් මහා තරගයට සහභාගි වීමට සූදානමින් සිටී.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහා තරගය 2016 ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දීය නිවේදක සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ලැබේ.