
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී මාස 3 ක කාලයක් රැදවුම් නියෝග මත සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුව නගරයේ පිහිටි දේශපාලන කාර්යාලයේ තිබී ජීව උණ්ඩ ඇතුලු භාණ්ඩ කිහිපයක් ඊයේ සොයාගනු ලැබීය.
එහිදී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 06 ක්, ශොට්ගන් වර්ගයේ හිස් උණ්ඩ 04 ක්, නවීන ජංගම දුරකථන 03ක්, රියදුරු බලපත්‍රයක්, විදේශ ගමන් බල පත්‍රයක්, පිස්ටල් හෝස්ටරයක් සහ ලිපිගොනු රැසක් සොයාගෙන තිබේ.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් මේ වන විට රැදවුම් භාරයේ පසුවේ.