මහවෙලමුල්ලේ සාන් සුද්දාට පොලිසියෙන් වෙඩි

9

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරයට ආසන්න ප්‍රදේශයකදී සිදුකළ වැටලීමකදී පොලිසියට අවශ්‍යව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවෙලමුල්ලේ “සාන් සුද්දා” නොහොත් සම්පත් කුමාර නැමති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබේ.

එහිදී සැකකරු විසින් පොලිසියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩිතබා ඇති බව සඳහන් වේ.

වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

මෙම සැකකරුට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කර සිටී.

පොලිසිය සඳහන් කළේසැකකරු සන්තකයේ තිබූ පාර්සලයක තිබී මත්ද්‍රව්‍යද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මේවන විට විමර්ශන සිදු කරමින් සිටින බවයි.