
කොළඹ නගරය හා ඒ ආශ්රිත ප්රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වූ අතර,කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ට්න් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්රදේශ කිහිපයක ගස් කඩාවැටීම්ද වාර්තා විය.