
ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි මූලස්ථානය පිහිටි එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් සේවයක් වන ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළ පරෙවියන් නිසා ඇතිවූ කලබලයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබේ.
සිද්ධිය වාර්තා වන අන්දමට, ඉකුත් සෙනසුරාදා විස්කොන්සින් හි මැඩිසන් බලා පිටත් වූ ඩෙල්ටා ෆ්ලයිට් 2348 ගුවන් යානය , මිනියාපොලිස්-සෙන්ට් පෝල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබෑම ආරම්භ කර තිබියදී යානය තුළ පරෙවියකු පියාසර කරන බව මගීන් හට දැකගන්නට ලැබී තිබේ. ඒ බව ගුවන් කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් අනතුරුව පරෙවියා යානයෙන් ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය කටයුතු කොට ඇති අතර, යානය තුළ තවත් පරෙවියෙකු සිටින බව සොයාගෙන ඇත්තේ නැවත පියාසැරිය ඇරඹීමෙන් අනතුරුවයි.
සිද්ධිය අවස්ථාවේ යානය තුළ ඇතිවූ කලබැගෑනිය මගියෙකුගේ දුරකථන කැමරාවේද සටහන් වී සමාජ මාධ්‍ය කළඹන වෛරල් වීඩියෝවක් බවට පත්ව තිබූ අතර, සිදුවූ බාධාව හේතුවෙන් යානය සිය ගමනාන්තයට ළඟා වීමට පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වූ බවද විදෙස් මාධ්‍ය විසින් වාර්තා කොට තිබිණි.