
තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් හරක් කටාට කියවීමට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කොට තිබෙනවා.
මෙම තීන්දුව ලබා දී ඇත්තේ ඔහුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිය ආරියදාස ප්‍රකාශ කළේ, පෙර අධිකරණ නියෝගයක් තිබියදීත්, පුවත්පත් ලබාදීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි.
හරක් කටාට දිනපතා පුවත්පත් ලබාදීමේදී යම් දුෂ්කරතාවයක් ඇති වූ නමුත්, කෙසේ හෝ පුවත්පත් ලබා දෙන බවට එම අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.