දේශපාලන කරළියේ පෙරළියක්! රනිල්ගෙන් නව පක්ෂයක්?

82

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැරසෙන බවට හිරු මාධ්‍ය ජාලය අද වාර්තා කොට තිබෙනවා.

ඔහු මේ පිළිබඳව සඳහන් කොට තිබෙන්නේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

මේ අතර අද ඩේලි මිරර් වාර්තා කොට තිබුණේ එක්සත් ජාතික පක්ෂය නව පෙනුමක් සහිත පක්ෂයක් බවට පත් කිරීම සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සහකාර නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, උප සභාපති නවීන් දිසානායක සහ මහලේකම් තලතා අතුකෝරල යන අයගෙන් සමන්විත නව කමිටුවටක් හිටපු ජනපතිවරයා විසින් පත් කොට ඇති බවයි.

“අපි අලුත් පක්ෂයක් හදනවා. ඒක කරන්නේ මම නෙමෙයි. මේ කොමිටි එකට බාර දෙනවා. කාලසීමාවක් දෙන්න ඕනි ඒක කරන්න පුළුවන්ද බැරිද බලන්න. වැඩි වැඩියෙන් අලුත් මූණු දාන්න වෙනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අලුත් පක්ෂයක්. 56 දීත් අපි හැදුවා. 77 අපි හැදුවා. ආපහු 2001 ඡන්දෙට අපි හැදුවා. ඒ අනුව යන්න තියෙන්නෙ”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පවසා තිබේ.