
ලංකා බැංකු සේවකයින් අද (28) දහවල් කෑම පැයේදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ. ලංකා බැංකුවේ සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර
මෙම උද්ඝෝෂණයට රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් රැසක් සහභාගී වී තිබේ.
මාස හයක දිරි දීමනා තමන්ට ලබා දීමට අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කර තිබියදීත් එම මුදල වත්මන් පාලකයන් ලබා නොදීම නිසා මෙම උද්ඝෝෂණය සිදු කරන බව බැංකු සේවක සංගමයේ සමාජිකයින් කියා සිටී.
ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් හෙට12.30 සිට සියලුම ලංකා බැංකු ශාඛාවල සේවකයින් සේවයෙන් ඉවත්වන බව ඔවුන් අවධාරණය කර සිටී.
ඒ අනුව ලබන 06 වනදා වන විට මේ තත්ත්වය තීව්‍ර කරමින් එක් දින වැඩවර්ජනයක් දක්වා ගෙන යන බවද ඔවුන් ප්‍රකාශ කර සිටී.
මේ අතර රාජ්‍ය ආයතනයක් ලැබූ ඉහළම ආදායම ඉකුත් වසරේදී ලංකා බැංකුව විසින් ලබාගෙන ඇති බවද ඔවුන් පවසා සිටී.