
ලොව දිගම වඳුරු පටිපනුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයෙන් සොයාගත් බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා පවසා සිටී.
මෙම දුර්ලභ වඳුරු පටිපණුවා පිළිබඳ තොරතුරු මාස කීපයකට පෙර අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා සඳහන් කර සිටී.
වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැබුණු සාම්පල කිහිපයකින් සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම පටිපණුවා හඳුනාගෙන ඇති අතර, සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම පටිපණුවාගේ බිත්තර බර්ටියෙල්ලා විශේෂයට අයත් බවයි.
මෙම වර්ගයේ පටිපණුවන්ගේ දිග සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 70ක් දක්වා වර්ධනය වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.
මේ දක්වා ලෝකයේ හඳුනාගෙන ඇති දිගම බර්ටියෙල්ලා පටිපණුවා සෙන්ටිමීටර් 40ක දිගකින් යුක්ත වන අතර, කුරුණෑගල දරුවාගේ උදරයෙන් සොයාගත් මෙම පටිපණුවාගේ දිග සෙන්ටිමීටර් 70ක් වන බව සඳහන්වේ.