බස් ගාස්තු වැඩිවීමක් අත ළඟ?

10

ජුලි මස 01වැනිදා සිට ස්ථිර වශයෙන්ම බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ප්‍රවාහන සංගම් පවසා සිටී.

ප්‍රවාහන ගැටලු රාශියකින් තමන් ඇතුළු රියදුරන් පීඩා විඳීමත් ඒ සම්බන්ධයෙන් රජය ඇහුම්කන් දී නොමැති බවත් සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණ සිංහ අද (27) මධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ගණනාවක් ධාවනය වන බවත් මෙම ඇතැම් බස් රථ ගමනාගමන මණ්ඩලයේ අවසරයකින් තොරව ධාවනය කෙරෙන බවත් සභාපති සම්පත් රණසිංහ සඳහන් කළේය.

ලංගම දැනුවත් කිරීමකින් තොරව ධාවනය කෙරෙන බස් රථ ධාවනයට සුදුසු නොවන තහනම් බස් රථ බවත්, ඒවා කාල සටහන් වලින් තොරව ධාවනය කරන බැවින් තරගකාරීත්වය මත සිදුවන අනතුරු සංඛ්‍යාව වැඩි බවද හෙතෙම මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේය.