අද පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක

23

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදු කළ අසාධාරණය, උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08.00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සිය ගැටළුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් පියවර නොගතහොත් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කර සිටී.

ඉදිරියේදී මෙම වැඩ වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් තවත් වෘත්තිය සමිති සහාය පළ කිරීමට තීරණය කර ඇති බවද චානක ධර්මරත්න මහතා සඳහන් කළේය.

මේ අතර වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීම සම්බන්ධ නිවැරදි චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.

එසේ නොවන්නේ නම් ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට එළඹීමට සිදුවනු ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කර සිටී.