ඛේදවාචකයකින් අවසන් වූ ජය සැමරුම

11

එංගලන්තයේ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ලිවර්පූල් පාපන්දු කණ්ඩායම ලැබූ ප්‍රීමියර් ලීග් ශූරතාවලියේ ජයග්‍රහණය සමරමින් සිටි ක්‍රීඩා ලෝලීන් පිරිසක් වෙත මෙම මෝටර් රථය කඩාවැදි ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙම අනතුරින් පුද්ගලයින් විසි හත් දෙනෙකු රෝහල්ගත කර ඇති අතර තුවාලකරුවන් අතර සිටින දරුවකු ඇතුළු දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

මර්සිසයිඩ් පොලිසිය පැවසුවේ මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට 53 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු වාහනයේ රියදුරු යැයි විශ්වාස කරන බව මර්සිසයිඩ් පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.