
චිකන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටී.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසන්නේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල,ගොතටුව බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුල වී ඇති බවයි.
මෙම රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ 2006,2007 සහ 2008 වසර වලදී බව වෛද්‍ය චින්තන පෙරේරා මහතා කියා සිටියේය.
උණ,ඇඟපත වේදනාව, ඇඟ වෙව්ලීම හා හන්දිවේදනාව සහ හන්දි ඉදිමීම මෙහම රෝගයේ ලක්ෂණ ලෙස දැකගත හැකි බවද පැවසූ වෛද්‍යවරයා බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුව වුවත් ඇතැමුන්ට හන්දි වේදනාව ටික කාලයක් පවතින බවද පැවසීය.
ගර්භනී මව්වරු, දරුවන් හා නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය මෙම රෝගී තත්ත්වයෙන් පරිස්සම් කර ගැනීම වැදගත් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.