
හෙළ සිනමාවේ නිළි රැජිණ අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය අද පෙරවරු 07.30ට විශේෂ අවමංගල්‍ය පෙරහරකින් කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව තිබේ.
ඒ අනුව,විශේෂ අවමංගල්‍යය පෙරහැර පෙරවරු 7.30ට බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කර, මෙඩ්ලන්ඩ් පෙදෙස හන්දියෙන් වමට හැරී මෙඩ්ලන්ඩ් පෙදෙස මාර්ගය ඔස්සේ ගමන් කර රාජ්‍යය පරිපාලන අමාත්‍යාංශ හන්දියෙන් වමට හැරී නිදහස් මාවත ඔස්සේ ගමන් කර පෙරවරු 09.00ට නිදහස් චතුරස්‍රය වෙත පැමිණීමට නියමිතව තිබේ.
අවමංගල්‍ය පෙරහැර හා උත්සවය වෙනුවෙන් මාර්ගය වසා තැබීමක් සිදු නොකරන අතර අවමංගල්‍යය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමේ දී විනාඩි 15ක පමණ කාලයක් සඳහා නිදහස් වට රවුම සිට නිදහස් මාවතට ඇතුළුවන රථවාහන සීමා කිරීමට නියමිත බව සඳහන්වේ.
අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ අවට පිහිටා ඇති නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්තිද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාව දැනුම් දෙයි.