
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කරන ලදී.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගය කර තිබේ.
එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් එම නියෝගයේ සඳහන් වී ඇත.
ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කර තිබේ.