හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙයි.
මෙම ප්‍රදේශවල මුහුද විටින් විට ඉතා රළු විය හැකි බව අද (25) පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේය.
සක්‍රිය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී.60-70 පමණ දක්වා වැඩිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටී.
හලාවත සිට කොළඹ හරහා මාතර දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකි බවද සඳහන්වේ.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 -3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
(මෙය ගොඩබිමට එන රළ උස නොවන බවද සඳහන්වේ)
මේ හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් බවද සඳහන්වේ.