අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට

6

පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටි.

බොහෝ මරණ ලාහෝර්, ජෙලම්, සියල්කොට් සහ මුසෆරගාර් දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ තද සුළං සහ අකුණු සැර වැදීමෙන් ඊසාන දිග පන්ජාබ් සහ වයඹදිග කයිබර් ෆක්ටන්ක්වා(කේ.පී.) පළාත්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන් වේ.
එහි නිවාස රැසක් කඩාවැටී ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී පහත් ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.