
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම 2.45ට පමණ මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන් කළ මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී බරපතල තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්වේ.
මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්‍ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.