දුමින්ද දිසානායක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

12

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන අද (24) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යය දුමින්ද දිසානායක ඊයේ තිඹිරි ගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.