
හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතව ඇත.
මේ අතර ඇයගේ දේහය අද (24) පස්වරු 05.00ට ඇයගේ නිවස වෙත ගෙන ඒමට නියමිතව තිබේ.
නිළි රැජින මාලනී ෆොන්සේකා අද අළුයම අභාවප්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යන විට ඇය 78 වැනි වියේ පසුවිය.