කොළඹ විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

3

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා වෙත භාරදී ඇත.

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා 1921 දී ලංකා විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කරන ලද කොළඹ විශ්ව විද්‍යාලයේ 20 වන උප කුලපතිවරයාවේ.