
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
රුසියානු යුක්‍රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින් නායකයන් දෙදෙනා අතර මෙම දුරකථන සංවාදය පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
පැය දෙකකට වැඩි කාලයක් පැවති එම දුරකථන සංවාදය අවසන් වී ඇත්තේ කඩිනමින් සටන් විරාමයකට යාමට ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීමෙන් පසුව බව ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.
පළමුව සටන් විරාමයක්ද ඉන්පසු සාම වැඩි පිළිවෙළක්ද ක්‍රියාවට නැංවීමටත්, යුක්‍රේන ජනාධිපති සමග සෘජු සාකච්ඡා ඇති කර ගැනීමටත් පුටින් එකඟත්වය පළ කළ බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටී.