
“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස් වීම් ලබා දී ඇති බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරන්නේ එහි නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු සඳහා ද උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසා සිටී.