ලුණු හිඟයට හේතුව ඉන්දු-පකිස්තාන් යුද්දෙලු! ඇමති හඳුන් කියයි

29

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසා සිටී.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතු වූ බවයි.

අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඇතැම් පිරිස් මහා පරිමාණයෙන් ලුණු මිලදී ගැනීමට පියවර ගැනීම හේතුවෙන් පාලනයකින් යුතුව වෙළඳපොළට ලුණු නිකුත් කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක් වූ සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පවසා සිටියේය.