
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට උදෑසන 05.30 දක්වා බල පැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී 55- 65 දක්වා වැඩි විය හැකි බැවින් ජනතාවට සැලකිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ පිළිබඳව ධීවරයන් සහ නාවිකයන් අවධානය යොමු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.