
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
මෙම පැමිණිල්ල ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංකරුවන් පොතුපිටිය විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන්වේ.
වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබා දී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කර සිටී.
ඔහු මධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියේ, මෙසේ ටෙන්ඩර්වල තක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථවාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවයි.
නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියා කරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බව ඔහු පවසා සිටියේය.