
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රුපියල් ලක්ෂ 10යක් බැගින් වූ ඇප දෙකක් මත මුදාහැරීමට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අද (19) නියෝග කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස නායක පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර සිට අද පෙරවරු නවයට පමණ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
ඌව පළාත් මහ ඇමති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වර්ෂයේ දී පෙර පාසල් ළමුන් සඳහා පාසල් පොත්බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපොළ පනත යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.