
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තාවේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඒ අනුව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකා නොබලනු ඇති බවයි.
https://moe.gov.lk/2025/05/37984/
යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම් පත් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටී.