මාස පහට මාරක අනතුරු දහසට ළංවේ

20

2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයන් 1007 දෙනෙකු මිය ගොස් ඇති බව අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කර සිටියේය.

පොලිසිය විසින් රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්නන් සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

ඒ අනුව ජනවාරි පළමුවැනිදා සිට මැයි 18වන දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.