ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්

11

හෙට(19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසා සිටී.

කෙසේ වෙතත් සැමරුම් උත්සවය පැවැත්වෙන පස්වරු 04.00 සිට 06.00 දක්වා කාලසීමාව තුළ මාර්ගය වසා දැමීමක් සිදු නොකරන අතර, රණවිරු සැමරුම් උත්සව පැවැත්වෙන ප්‍රදේශයේ රථ වාහන අවහිරතාවක් සිදුවුවහොත් පොල්දුව මං සන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථ වාහන කොළඹින් පිටවීම සහ කොළඹට ඇතුළු වීම සීමා කරන බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටී.

මේ අතර විකල්ප මාර්ග ලෙස කොළඹින් පිටවන වාහන සඳහා පොල්දුව මං සන්ධියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියෙන් පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දුව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කර සිටී.