
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් තිබූ මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී නෞකාවේ කුඹගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර එම කැඩුණු කොටස් නෞකාව තුළට කඩා ඇති බව සඳහන්වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්යය මණ්ඩලය 277 කට ආසන්න පිරිසක් නෞකාව තුළ සිට ඇති අතර, ඉන් පුද්ගලයින් 22කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි ද ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.
අනතුරින් පසු විනාඩි 40 කට ආසන්න කාලසීමාවක් සඳහා පාලම වසා දැමීමට නිව්යෝක් නගරයේ බලධාරීන් පියවර ගෙන තිබූ අතර පසුව නැවත පාලම විවෘත කිරීමටද පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් අනතුරින් පාලමට කිසිදු හානියක් සිදුව නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.