තැනින් තැන මහ වැසි! කාලගුණයෙන් නිවේදනයක්

29

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) උදෑසන 09.00ට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් සහ ගාල්ල, මාතර ,නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත් වන ලෙසට අදාළ නිවේදනයෙන් දැනුම් දී තිබේ.

නිරතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (18) දින සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටී.

ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල, මාතර නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.