ටීචර් අම්මාගෙන් ගුටි කෑ තරුණයාට ඇප

14

ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තියගෙන් පහර කෑමට ලක්ව, මේ වන විට ප්‍රතිකාර ලබන ලිංගික අතවරයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තරුණයා ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව වාර්තා වේ.

අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (17) පස්වරැවේ කොළඹ ජාතික රෝහලට ගොස් මෙම තරුණයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරණ ලෙස නියෝග කර තිබේ.

පසුගිය 14 වන දා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම තරුණයා දින තුනක් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර, පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ.

මෙම තරුණයා හයේශිකා ප්‍රනාන්දුගේ පුද්ගලික ආයතනයේ සේවය කරන තරුණියකට අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට තිබුණි.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාර දීර්ඝව කරුණු දැක්වූ අතර පැමිණිල්ල වෙනුවෙන් කටාන පොලිසිය කරුණු දැක්වීම සිදුකර තිබේ.

මෙම නඩුව යළි මැයි 21 වන දා කැඳවීමට නියමිතයි.