ඉන්දියාවේ සිට ගෙනා කුෂ් කිලෝ හතරක් කන්කසන්තුරේදී මාට්ටු

10

ඉන්දියාවේ නාගපටු නම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කන්කසන්තුරය වරායේ සේවයේ නියුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇති බව වාර්තාවේ.

අවුරුදු 33ක් වූ මෙම ඉන්දියානු ජාතිකයා විසින් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 12ක බරකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මලු තුළ සූක්ෂමව අසුරා ගෙන මෙරටට රැගෙන විත් තිබේ.

ඔහු රැගෙන ආ ගමන් මලු සම්බන්ධව සැක සිතූ නිලධාරීන් විසින් එම ගමන් මලු පරීක්ෂා කිරීමේදී, ගමන් මලු තුළ සකස් කරන ලද ව්‍යාජ ස්ථර තුළ සඟවා සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන විත් තිබූ බව සඳහන් වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2 පමණ වන බව රේගු නිලධාරීන් පවසා සිටී.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට ද පියවර ගෙන තිබේ.