
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තු වැඩිවෙන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්‌ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
2014-2022 කාලය තුළදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා දැරීමට සිදුවූ පිරිවැය ඉහළ ගිය ද විදුලි ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොකළ බවත්, එම කාලය තුළ ඉන්ධන ගාස්තු, ගල් අඟුරු අමතර කොටස් සහ නඩත්තු වියදම් ද නිරන්තරයෙන් ඉහළ ගිය බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
එලෙස ඉහළ ගිය පිරිවැයේ සම්පූර්ණ බර මණ්ඩලය විසින් දැරීම හේතුවෙන් මහා පරිමාණ ණය ගැනීමට සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් කල් දැමීමට සිදුවීම මේ වනවිට ණය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති බව එම මණ්ඩලය පවසා සිටී.
ඒ අනුව විදුලි බල මණ්ඩලය පවසන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමානුකූලව ප්‍රතිපූර්ණය කර ගැනීම, ණය අර්බුදය කළමනාකරණය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත කලට ගෙවීම් සිදුකිරීම යනාදිය සිදුකිරීම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ බවයි.
මෙහි මූලික අරමුණ බලශක්ති සුරක්ෂිතතාව අනතුරට ලක් නොකරමින් ආරක්ෂිත විශ්වාසනීය සහ අඛණ්ඩ විදුලි සැපයීමක් සියලුම ලාංකිකයන්ට ලබාදීමට ඉඩ සැලසීම බව එහි වැඩිදුරටත් දක්වා තිබේ.
.