
යුරෝපානු කලාපීය ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන “යුරෝවිෂන්” ගායන තරගය මෙවර ජය ගැනීමට 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක JJ සමත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
යුරෝපානු ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරඟාවලියක් වන ජාත්‍යන්තර යුරෝවිෂන් ගායන තරගය ලොව විශාලතම ගායන තරගාවලිය ලෙස සැලකෙන අතර එය මෙවර 69වෙනි වරට උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණේ ස්විස්ටර්ලන්තයේ බාසල් නගරයේදීය.
ලොව පුරා සංගීත ලෝලීන් මිලියන 160 ක් ඉක්මවූ පිරිසක් රූපවාහිනිය ඔස්සේ යුරෝවිෂන් නරඹන අතර, සිය ප්‍රියතම තරගකරුවාට මනාපය පළ කිරීමටද ඔවුන්ට අවස්ථාව හිමි වන අතර, තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන්නේ ජනතා මනාපය සහ තරගය විනිශ්චයට එක්වන ජූරි සභිකයන් පස්දෙනාගේ මනාපය සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව මෙවර තරගාවලියේදී ජයග්‍රාහක ඔස්ට්‍රියානු ගායක JJ දිනාගත් ලකුණු සංඛ්‍යාව 436 කි.
ඊශ්‍රායල තරඟකරු ලකුණු 357 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයත්, එස්ටෝනියා තරගකරු ලකුණු 356 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබුණි.
මීට පෙර 1966 සහ 2014 වසර වලදී ඔස්ට්‍රියාව යුරෝවිෂන් තරගාවලිය ජය ගැනීමට සමත්ව තිබෙන අතර මෙය ඔස්ට්‍රියානු ජාතික තරගකරුවෙක් යුරෝවිෂන් කිරුළ හිමි කරගත් තෙවැනි අවස්ථාවයි.