
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව උතුරු පළාත සහ අනුරාධපුර පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත් කළ නිවේදනය හෙට(18) පෙරවරු 8.00 දක්වා වලංගුවේ.