වාහන අංක තහඩු හිඟයක්

5

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටී.

අංක තහඩුවල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28 වනදා සිට මෙය තාවකාලික අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසා සිටින අතර, ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්වේ.

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේය.
ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බවත්, මේ පිළිබඳව පොලිසියද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.