කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය මුද්‍රා තැබේ

9

කඩුවෙල මහේස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා බණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නිලමැදිරිය මුද්‍රා තැබීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවල පොලිසිය පවසා සිටී.
ඒ අනුව එළඹෙන සඳුදා(19) හිටපු මහේස්ත්‍රාත් චාණිමා බණ්ඩාර මහත්මියට අධිකරණය වෙත පැමිණ ඇයගේ නිල කාමරයේ ඇති ඇයට අයත් භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර එතෙක් එම නිල කාමරය සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීමටද කටයුතු කර ඇති බව කඩුවෙල පොලිසිය තවදුරටත් පවසා සිටී.

චාණිමා බණ්ඩාර මහත්මිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලද පැමිණිලි කිහිපයක් මත සිදු කරනු ලබන පරීක්ෂණයන්ට යටත්ව මෙලෙස එම නිල කාමරය මුද්‍රා තබා තිබෙන අතර මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ ආවරණය කටයුතු අත්හිටවීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.