
පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී ඇති බව වාර්තාවේ.
ඊයේ (15) රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඒ පිළිබඳ සාකච්ඡා කර මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන්වේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවූ හෝ 50% ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් අදාළ සාකච්ඡාවක් ඊයේ සිදුකර තිබේ.
කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහභාගි වී නැති බවද වාර්තාවේ.