
රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගුවන්තොටුපළේ ව්‍යාපාරිකයින් සඳහා වූ “රක්තමාවත” ඔස්සේ ගමන් කරමින් සිටියදී මෙම ගුවන් මගින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර, මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිටපැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව සඳහන්වේ.
මොවුන් දෙදෙනා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන්වල නිරත වෙමින් විදේශ රටවල විවිධ භාණ්ඩ මෙරටට ගෙනවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී තිබේ. එහිදී ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 6යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරින් පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21 එකක් සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබලි තුල, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි කිහිපයක්ද සඟවාගෙන තිබී ඇත.
මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් වන අතර, අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.