දේශබන්දු අනිද්දා විමර්ශන කමිටුව හමුවට

5

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඔහුට එරෙහිව එල්ල වී ඇති බලය අවභාවිතය ඇතුළු චෝදනා විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත්කළ විමර්ශන කමිටුව හමුවේ එළඹෙන 19 වැනිදා පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

එදින පස්වරු 2.00 ට ඔහුව එම කමිටුව හමුවට කැඳවා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම විමර්ශන කමිටුව සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු ඩබ්ලිව්. එම්. එන්. පී.ඉද්දවල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ඊ. ඩබ්ලිව්. එම්. ලලිත් ඒකනායකගෙන් සමන්විත වන අතර, විමර්ශන කමිටුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඉදිරි විමර්ශනවලට සහාය වීම සඳහා කණ්ඩායමක්ද නම්කර තිබේ.