Wild Cookbook චරිත් ආසියාවේ බලවත්ම ලැයිස්තුවට

5

සූපවේදී “Wild Cookbook” හි නිර්මාතෘ චරිත් එන්. සිල්වා සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වයස අවුරුදු තිහෙන් පහළ ආසියාවේ බලවත්ම ව්‍යවසායකින්ගේ ලැයිස්තුවේ පළමු 30 දෙනා අතරට ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

එම ලැයිස්තුව ආසියා -පැසිෆික් කලාපය පුරා සිටින තරුණ ව්‍යවසායකයින්, නායකයන් සහ නවෝත්පාදකයන් 300 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් සියල්ලෝම වයස අවුරුදු තිහට අඩුවීම විශේෂත්වයකි.

දැනට වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වන “Wild Cookbook” 2020 වසරේදී ආරම්භ කර තිබෙන අතර, එහි ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන දහයකට අධිකයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම youtube නාලිකාව හිමි චරිත් එන්. සිල්වාට instagram අනුගාමිකයන් මිලියන 2.3 කට වඩා සිටින අතර,ඔහු 2024 නොවැම්බරේදී Wildish නමින් කොළඹ අවන්හලක්ද විවෘත කර තිබේ.