සුමන්තිරන්ගෙන් අනුරට විරෝධයක්

4

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පල කරන ඉඟි පිළිබඳ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සිය විරෝධය පලකර තිබේ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය සහ ඔහු සතු විධායක බලතල පෙන්වා දෙමින් තර්ජන එල්ල කරන බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කර සිටී.
යාපනයේ බහුතර බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ගණනය කිරීම පිළිබඳවද එම්.ඒ සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස සුමන්තරන් මෙම අදහස් පළ කර තිබේ.

ජාතික ජන බලයට බලය හිමිව ඇති පළාත් පාලන ආයතනවල මහජන වරම පැහැර ගැනීමට ගන්න ඕනෑම උත්සාහයක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තමා සතු බවයි.