හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවෙක් ඝාතනය කරයි

1

කුරුණෑගල – බුලුවල මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ සිසුවෙකු තම පාසලේම වැඩිහිටි සිසුන්ගේ පහරකෑමකින් බරපතළ තුවාල ලබා දින 07 ක ප්‍රතිකාරයකින් පසුව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් රිදීගම – වෙලෙගෙදර – ෂැකරලි වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

පසුගිය 16 වනදා රිදීගම – වෙලෙගෙදර – අංහන්දිය ප්‍රදේශයේ පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගි වීමට ගිය තිලිණ විරාජ් නම් සිසුවා, එම පාසලේම සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වූ සිසුන් සහ අන් අයගේ පහරදීමකට ලක්ව තිබේ. පෞද්ගලික ආරවුලක් මත සිදුවූ මෙම ප්‍රහාරයේදී ආරක්ෂිත හිස් වැසුම්වලින් ඔහුගේ හිසට පහර දී ඇත.

සිහිමුර්ඡාවී තත්ත්වයේ පසුවූ තිලිණ මාවතගම මූලික රෝහලට ඇතුළත් කරන ලදී. පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබුණද, අද ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකුත් සැකකරුවන් ඉක්මනින් අත්තඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස ෂැකරලිවත්ත ප්‍රදේශවාසීන් කුරුණෑගල – වෙලෙගෙදර පොලීසිය ඉදිරිපිට විරෝධතා පැවැත්වූහ.

සිද්ධිය පිළිබඳව විදෙස්ගතව සිටි තිලිණගේ මව දැන් නිවසට පැමිණ ඇති බවද වාර්තා වේ.